රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 6
නැවත වරක් මාධ්‍යය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඥානසාර හාමුදුරුවන් විසින් අල් කුර්ආනයේ වැකියක අංකය පමණක් සඳහන් කරමින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මහා කාරුණික අල්ලාහ් සතු යන අලුත් මතයක් ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදී ඇත. එයට අමතරව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ‘වහාබ්වාදය’ අනුමත කරන්නේද යන ප්‍රශ්නයත් මතු කොට තිබුණි. මෙම ප්‍රශ්න දෙක පිළිබඳව අදහස් දැක්වීමක් කරන්නට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු.
ඉස්ලාම් හා මුස්ලිම්වරුන් පිළිබඳව අවබෝධයෙන් තොරව පදනම් විරහිත අපහාසාත්මක කරුණු ඉදිරිපත් කරමින් ආගමික හා වාර්ගික වෛරය නිර්මාණය කිරීමට හා පෝෂණය කිරීමට උන්වහන්සේ දරණ මෙම පිළිකුල් සහගත ප්‍රයත්නය දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්නෙමු. ආගමික වෛරය වෙනුවට ආගමික අවබෝධය හා සත්‍යය මෙන්ම සුහදත්වය පදනම් කරගත් සංවාදශීලී සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම අපගේ අරමුණ හා ප්‍රයත්නයයි. උන්වහන්සේගේ ‘විසි අවුරුදු පර්යේෂණයට’ පහත සඳහන් බෛබල් වැකි ලැබී තිබුනා නම් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තේ බෛබලයේ සඳහන් දෙවිඳුන් බව මොරදෙනු නොඅනුමානයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසන් කිරීමට දරන මෙවන් ලපටි නොමේරූ උත්සාහයන් සැබැවින්ම ඉතාම හාස්‍යජනක ය. පෙර ලිපියක සඳහන් කළාක් මෙන් ‘අන්ධයා අලියාගේ හැඩය කීවාසේ’ ධර්ම ග්‍රන්ථ පිළිබඳ අර්ථ දක්වමින් කටයුතු නොකොට අවබෝධයෙන් යුක්තව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. කිතුනු යුදෙව් මෙන්ම ඉස්ලාමීය දහම් පුස්තකයන්හි සඳහන් වන්නේ එකම දෙවිඳුන් පිළිබඳ ව යන්න අපගේ මතයයි. එහෙයින් සමාන වැකි මෙම දහම් පුස්තකයන් හි තිබීම සාමාන්‍ය කරුණකි. පහතින් මෙම බෛබල් වැකි උපුටා දක්වා ඇත්තෙමු.
“ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය”. (බෛබලය-යෙසායා 45:7)
“නගරයක හොරණෑව පිඹින විට එහි ජනයා කලබල නොවනු ඇද්ද? නගරයේ වැසියන්ට විපතක් සිදු වුණොත් එය යෙහෝවා දෙවිගෙන් නොවෙයිද?” (බෛබලය-ආමොස් 3:6)
“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මා ජෙරුසලමටත්, ජුදාහි සියලු නගරවලටත් පැමිණෙවූ සියලු විපත්ති නුඹලා දුටුවහු ය. බලන්න, අද ඒවා නටබුන් වී තිබේ. කිසිවෙක් එහි නොවසති.” (බෛබලය- ජෙරමියා 44:2)
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තා අල්ලාහ් යන්න හුවා දැක්වීම සඳහා ඥානසාර හාමුදුවන්ගේ නවතම සොයාගැනීම ලෙස සඳහන් කළේ කුර්ආනයේ 64වන පරිච්ඡේදයේ 11 වන වැකියයි. එහි සිංහල පරිවර්තනය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිම දුර්භාග්‍යයක් ඇති නොවන්නේය. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද ඔහු(අල්ලාහ්) ඔහුගේ හදවතට යහමග පෙන්වන්නේය. අල්ලාහ් සියළු දෑ කෙරෙහි සර්වඥය.” (අල් කුරාන් 64:11).
කුර්ආනයේ මේහා සමාන තවත් වැකියක සිංහල පරිවර්තනය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කිසිදු ව්‍යසනයක් අපි එය ඇති කරන්නට පෙර ‘ධර්ම පුස්තකයේ’ සඳහන් ව මිස මිහිතලයේ හෝ නුඹලා අතර හෝ සිදුවන්නේ නැත. සැබවින් ම මෙය අල්ලාහ් කෙරෙහි පහසු කටයුත්තකි. නුඹලාට මග හැරුණු දෑ කෙරෙහි දොම්නස් නොවීම පිණිස ද ඔහු(අල්ලාහ්) නුඹලාට දුන් දෑ පිළිබඳව (දැඩි ලෙස) සතුටු (වී උඩඟු) නොවනු පිණිසද (සියල්ල ‘ධර්ම පුස්තකයේ’ සඳහන් වී ඇත). තවද පුරසාරම් දොඩමින් උඩඟුකම්පාන කිසිවෙකුව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය”. (අල් කුර්ආන් 57:22-23)
මෙහි ‘ධර්ම පුස්තකය’ යනු ‘ලව්හුල් මහ්ෆුල්’ නම් වූ ඵලකය වෙයි. එය අල්ලාහ් අබියස වූ ආරක්‍ෂිත ඵලකයකි. භෞතික හා පාරභෞතික සියලු දෑ අල්ලාහ් විසින් මැවීමට පෙර ඉන් මත්තට සිදුවන්නා වූ සියලු කරුණු එම ඵලකයෙහි අල්ලාහ් විසින් සටහන් කර ඇත. මේ පිළිබඳ තවත් විස්තර පහතින් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. ඉහත වැකියේ සඳහන් පරිදි ‘තක්දීර්’ නම් වූ දෛවය පිළිබඳව ද වැඩි විස්තරයක් පහතින් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.
දිව්‍යමය නියමය හා දිව්‍යමය දෛවය (Al-Qadha’ Wal-Qadr-The Divine Decree and The Predestination) යනු ඉස්ලාමීය විශ්වාසයේ කුළුනකි. මෙය ඉස්ලාමිකයින් සැවොම පිළිගන්නා ආගමික සිද්ධාන්තයකි.
“සැබැවින්ම සෑම දෙයක් ම (පුර්ව සැලසුම් කළ) ප්‍රමාණයට අනුව අපි ඒවා මවා ඇත්තෙමු”. (අල් කුර්ආන් 54:49).
මිහිතලය මත සිදුවන සියලුම කරුණු (ව්‍යවසනයන් ඇතුළුව) සිදුවන්නට පෙර අල්ලාහ්ගේ ඥානය අනුව අල්ලාහ් දැනුවත්ය. ඉහත සඳහන් අල් කුර්ආන් 57:22 වැකියෙන් අල්ලාහ් පවසා සිටින්නේ මෙයයි.
1. විශ්වයට (කාලය,ශක්තිය හා අවකාශය ඇතුළුව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කරගෙන සනාථ වන කරුණකි.
2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන්ම හේතුවක් තිබිය යුතුය. ආරම්භයක් ඇති කිසිවක් හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හෝ යථාර්ථවාදි සංකල්පයක් නොවේ.
3.එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය.
4.කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.
5.විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්ත්වයක් තුළ තිබිය හැක්කේ විශ්වය උත්පාදනය කළ හේතුව පමණි.
6.එහෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) කාලයෙන් පරිබාහිර එකක් වන හෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) ට ආරම්භයක් තිබිය නොහැක. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.
7.ආරම්භයක් නොමැතිව සදාතනිකවූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘට හේතුවක් නොමැත.
8. කාලයෙන් පරිභාහිර වූ දෙවිඳුන් අතීත, වර්තමාන හා අනාගත සියල්ල පිළිබඳ සර්වඥතා ඥානයෙන් යුක්තය. කුර්ආනයේ සඳහන් වන්නේ මෙම ඥානය අනුව සිදුවන සියල්ල ‘ධර්ම පුස්තකයක’ සටහන් කොට ඇති බවය. සිදුවන්නේ එම පුස්තකයේ සඳහන් දෑය. එහි පුර්ණ බලය අල්ලාහ්ට ය.
දිව්‍යමය නියමය හා දිව්‍යමය දෛවය අනුව සියල්ල සිදුවන්නේ නම් අපගේ ක්‍රියාවන් පිළිබඳ ව අප වගකියන්නේ කෙලෙස ද? සියලු නිර්මාණයන් පිළිබඳ ව අල්ලාහ්ට පරිපුර්ණ බලය හා ස්වාධිපත්‍යය ඇත්තේය. ඒ අතරතුර අප අපගේ ක්‍රියාවන් පිළිබඳ ව වගකීම් දරන්නන් වන්නෙමු.
“නැතහොත් (අල්ලාහ්ගේ නියෝගයන්) සම්පුර්ණයෙන්ම ඉටු කළ ඉබ්‍රාහීම්ගේ හා තවද මුසාගේ ලේඛනයන්හි ඇති දෑ පිළිබඳ ව ඔහුට දැනුම් දෙනු නොලැබුවේ ද? (එනම් තම පාපයේ) බර උසුලන්නෙකු වෙනෙකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. තවද මිනිසාට ඔහු වෑයම් කළ දෑ හැර වෙනෙකක් නට.” (අල් කුර්ආන් 53:38-40)
“එබැවින් කවරෙකු අණු ප්‍රමාණයක තරම් යහපතක් සිදු කරන්නේද ඔහු එය දැක ගනී. තවද කවරෙකු අණු ප්‍රමාණයක තරම් අයහපතක් සිදු කරන්නේ ද ඔහු එය(ද) දැක ගනී.” (අල් කුරාන් 99:7-8)
“අල්ලාහ් සියලු දෑහි පරමාධිපති ව සිටියදී ඔහු හැර වෙනත් පරමාධිපතියෙකුව මා සොයන්නෙම් ද? තවද සෑම ආත්මයක්ම තමා කෙරෙහිම මිස (පාපයන්) උපයා නොගනියි. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනෙකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය. පසුව, නුඹලාගේ නැවත යොමුවන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කවර විෂයයෙහි මතභේද ඇතිකර ගනිමින් සිටියේද ඒ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේ යැයි ද නුඹ පවසවූ” (අල් කුර්ආන් 6:164)
මේ අනුව මිනිසා තම ක්‍රියාවන් පිළිබඳ වගකීම් දරන්නෙකු බව පැහැදිලිය. මේ අනුව ඔහුට ස්ව්ච්ඡන්දය නොහොත් ස්වාධීන අභිමතය හිමි බවත් පැහැදිලිය. මේ පිළිබඳ ව ඇති බෛබල් වැකියක් ද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“නමුත් පව් කරන පුද්ගලයා අනිවාර්යයෙන්ම මිය යන්නේය. පියා කළ වරදට කිසි ලෙසකින්වත් පුත්‍රයෙකු වග කිව යුතු නැත. පුත්‍රයා කළ වරදට කිසි ලෙසකින්වත් පියාද වග කිව යුතු නැත. ධර්මිෂ්ඨයා කළ යහපත් දේවල ප්‍රතිඵල ඔහුම භුක්ති විඳින්නේය. දුෂ්ටයා කළ නපුරුකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වෙයි”. (බෛබලය:එසකියෙල් 18:20)
මේ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් පහත සඳහන් වෙබ්අඩවියෙන් ලබාගත හැක.
https://yaqeeninstitute.org/read/paper/reconciling-the-divine-decree-and-free-will-in-islam
ඉහත සඳහන් මාධ්‍යය සාකච්ඡාවට සහභාගී වෙමින් ඥානසාර හාමුදුරුවන් විසින් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයෙන් විවෘත ප්‍රශ්නයක් අසා ඇත. එනම් මෙම සංගමය වහාබ්වාදය හා සලෆිවාදය අනුමත කරන්නේ ද යන්නය. ඉස්ලාමය තුල වහාබ්වාදයක් නොමැත. ඉස්ලාමය ගොඩනැගී ඇත්තේ වැදගත් මුලාශ්‍රයන් දෙකක් මතය. ඒවා නම්:
අල් කුර්ආන්
මුහම්මද් තුමාණන් වෙත තම වයස අවුරුදු හතළිහේදී ප්‍රථම වරට ජිබ්රීල් නම් සුර දුතයාගේ (මලක් වරයාගේ) මාර්ගයෙන් දෙවිඳුන්ගේ පළමු දේව පණිවිඩය පහළ කරන ලදී. වසර විසි තුනක් මුළුල්ලේ පහළ වුණු එම දේව පාඨයන් තුළ අල්ලාහ් ගේ ඒකීය භාවය, පෙර සිටි ධර්ම දුතයින් හා එම ජන සමුහයන් පිළිබඳ විස්තර, ආචාර ධර්ම, මෙලොව හා මතුලොව ජය ගැනීම සඳහා වූ මඟ පෙන්වීම්, ජීවිතයේ හා මරණයේ අර්ථයන්, යනාදී කරුණු අඩංගුය. මෙම දේව පාඨයන් ‘අල් කුර්ආනය’ නමින් හැඳින් වේ. ශත වර්ෂ දහ හතරකට වැඩි කාලයක සිට කිසිදු වෙනස් කිරීමකට භාජනය නොවී එවකට සකස් කළ මුල් පිටපත් හා අනුරූපී වන අයුරින් වර්තමානයේ ද පිටපත් සකස් කොට ජනයා අතර භාවිතාවට ගනිමින් සිටිත්. අල් කුර්ආනය අරාබි බසින් පහළ කරන ලද අතර, එම භාෂාව භාවිතා කරන විශාල සමාජයක් ලොවේ අදත් ජීවත් වේ. වෙනත් භාෂා රාශියකටත් එය පරිවර්තනය කොට ඇත.
සුන්නා
අල් කුර්ආනයට පසුව ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු දෙවන මුලාශ්‍රය වැදගත් වෙයි. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළිගත් වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි.
ඔබවහන්සේ මතුකරන වහාබ්වාදය දැනට සියවස් හතරකට පමණ පෙර ජීවත් වූ මුහම්මද් බින් අබ්දුල් වහාබ් නම් ඉස්ලාමීය ප්‍රතිසංස්කරණවාදියාගෙන් බිහිවූවක් නම් එය පිළිගන්නවාද යන ප්‍රශ්නය අසන්නට පෙර එම වාදයේ ඇති ගුණාගුණ මෙන්ම යහඅයහ පෙන්වාදීම ඔබවහන්සේගේ වගකීමක් නොවන්නේ ද? එම ගුණාගුණ හිස් වදන් වශයෙන් නොව මෙම ප්‍රතිසංස්කරණවාදියාගේ ලේඛනයන්හි පැහැදිලි මුලාශ්‍රයන් අනුව කරුණාකර ඉදිරිපත් කරන්න. ඒවා පරීක්ෂාකොට බලා එවිට ඔබවහන්සේ කියන්නා වූ වහාබ්වාදය පිළිබඳ නිවැරදි නිගමනයකට ඕනෑම අයෙකුට එළඹිය හැකිවනු ඇත. ඔබවහන්සේගේ ‘විසිඅවුරුදු පර්යේෂණය’ මගින් මෙම කරුණු සොයාගෙන ඇති බව අපි විශ්වාස කරන්නෙමු. ඒ හැරෙන්නට වහාබ්වාදයක් ගැන ගිරවෙකු මෙන් ගෝනිබිල්ලෙකු මවමින් කෑමොරදීම විශාල විහිළුවක් බවට පත්වනු නොඅනුමානය.
මෙම කරුණ උදාහරණයක් මගින් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. ඔබවහන්සේ කෙනෙකුගෙන් මාක්ස්වාදය පිළිගන්නේද නැද්ද කියා ප්‍රශ්නයක් ඇසුවොත් එම පුද්ගලයාට උත්තරයක් දීම පහසු නොවනු ඇත. මාක්ස්වාදය ඉදිරිපත් කළ කාල්මාක්ස් ගේ ආර්ථික දේශපාලන දර්ශනය අඩංගු ‘ඩාස් කැපිටාල්’ ග්‍රන්ථයේ සඳහන් යහ අයහ කරුණු මුලාශ්‍ර සමග ඉදිරිපත් කරමින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළොත් අයෙකුට මාක්ස්වාදය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකිවනු නොඅනුමානය. ඒ හැරෙන්නට අර්ථශුන්‍ය ගෝනිබිල්ලෙකු මවා එය සමාජ ගතකරමින් කටයුතු කිරීම සැබැවින්ම හාස්‍යය ජනකය.
ආගමික ප්‍රතිසංස්කරණවාදීන් සෑම දහමකම වාගේ බිහිවී ඇත. අපවත්වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ (24 අප්‍රේල් 1948 – 12 දෙසැම්බර් 2003) ශ්‍රී ලාංකේය බෞද්ධාගමික ප්‍රතිසංස්කරනවාදී භික්ෂුන්වහන්සේ නමක් ලෙස දැක්විය හැක. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්හි අන්තර්ගත නොවූ පිළිවෙත් හා සම්ප්‍රදායන් අනුගමනය කරනවාට එරෙහිව අදහස් ඉදිරිපත් කරමින් උන්වහන්සේ කටයුතු කළ බව අප සැවොම දන්නෙමු. මෙයට එරෙහිව හා පක්ෂපාතීව ජනයා කටයුතු කළ බවද අපි දන්නෙමු.
එලෙසම කිතුනු දහම තුල මාටින් ලූතර් (නොවැම්බර් 10, 1483 – පෙබරවාරි 18, 1546) දේවධර්මාචාර්යවරයාව නම්කළ හැක. එතුමාණන්ගේ උත්සාහය වුයේ ද ධර්මපුස්තකයෙන් භාහිරව ඇති පිළිවෙත් හා සම්ප්‍රදායන්ට එරෙහිව අදහස් දක්වා සිටීමය. එතුමාණන්ගේ අදහස් පිළිගත් හා ප්‍රතික්ෂේප කළ පිරිස් දැකගත හැකිය.
එහෙයින් අපි සත්‍යය අවබෝධ කර ගනිමු. දැනුවත් වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් සපිරි රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ඨාන කර ගනිමු.