රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා පිළිබඳ විග්‍රහය – 5

මෑතක දී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රාජකීය පණ්ඩිත ඥානසාර හිමියන් විසින් අල් කුර්ආනයේ සිංහල පරිවර්තනයක් උපුටා දක්වමින් ‘අල්ලාහ් මහා කුමන්ත්‍රණකරුවාය” යැයි කුර්ආනයේම සඳහන් වී ඇති බව ප්‍රකාශ කළහ. උන්වහන්සේගේ ‘ඉස්ලාම් භීතිකා’ ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙලෙස පවසමින් තවත් පහත් නින්දිත අපහාසයක් මහා කාරුණික අල්ලාහ් වෙත ඉදිරිපත් කොට ඇත. උන්වහන්සේ කුර්ආනය යැයි සඳහන් කරන්නේ කෙනෙකු විසින් කරන ලද සිංහල පරිවර්තනයකටයි. පරිවර්තනය හා මුල්කෘතිය අතර ඇති වෙනසවත් උන්වන්සේ අවබෝධ කරගෙන ඇති බවක් දකින්නට නොමැති බව මෙයින් පැහැදිලි වෙයි. පරිවර්තන යනු පරිවර්තකයා විසින් ඔහුගේ අවබෝධය අනුව මුල්කෘතියේ වචන හා වැකි සඳහා ලබා දෙන අර්ථයයි. මෙහිදී පරිවර්තකයා අතින් වැරදි සිදුවිය හැක්කක්.
මේ පිළිබඳ ව බොදු බල සේනා සංවිධානය මගින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශය සාධාරණීය කරන්නට උත්සාහ කොට ඇත. මෙම මාධ්‍යය නිවේදනය එක මාධ්‍යයක සඳහන් කොට තිබුනේ “අල්ලාහ් කුමන්ත්‍රණ කරුවා යැයි ඥානසාර හිමි කීවා යැයි මුස්ලිම් සමාජය කැළඹිලා” යනුවෙනි. මුස්ලිම් සමාජයේ කිසිවෙකු කැළඹීමකට පත්වීමට මෙවන් කිසිදු දැනීමකින් තොරව කරන්නා වූ අපහාසාත්මක ප්‍රකාශන කොහෙත්ම හේතුවී නොමැති අතර මේ පිළිබඳ ව අපට ඇත්තේ අනුකම්පා සහගත පිළිකුලකි.

එක් සිංහල පරිවර්තනයකින් මෙවන් වදනක් සොයා ගැනීම පිළිබඳ ව බොදු බල සේනා සංවිධානය ඉමහත් උද්දාමයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මෙය හරියට සතුටින් උද්දාම වූ ආකිමිඩීස් “යුරේකා! යුරේකා!!” කියමින් නිරුවත්ව පාරවල් ඔස්සේ දිව ගිය කතාව හා සමාන බව අපට සිතේ. Eureka යන්න ග්‍රීක ව්‍යවහාරික යෙදුමකින් පැවත එන්නකි. එහි අරුත වන්නේ “මම එය සොයාගත්තා” යන්නයි.

ඥානසාර හාමුදුරුවන්ගේ අපහාසාත්මක චෝදනාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට පෙර උන්වහන්සේගේ වෛරී හා අපහාසාත්මක මඩ ප්‍රචාරයන් නතර කොට භික්ෂුවක් ලෙස බුදුන් වහන්සේගේ අලංකාර පුර්වාදර්ශයන් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. 

සාමය හා සංහිඳියාව මෙන්ම ජන සම්මුතිය ගොඩ නැගීම සදහා බුදුන් වහන්සේගේ මැදිහත්වීම් කිහිපයක් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. රෝහිනී නදියේ ජලය පිලිබඳව ශාක්‍යය හා කෝලීය වංශිකයින් අතරේ ඇතිවෙන්නට ගිය මහා යුධ තත්වය දැනගත් උන්වහන්සේ නිහඬව සිටියේ නැත. වහාම දෙපාර්ශවයම කැඳවා අත්තදන්ඩ සුත්තය දේශනා කොට ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය ඉවත්කොට සම්මුතියක් ඇති කරන්නට මැදිහත්වුහ. මෙයයි අලංකාර බෞද්ධ පුර්වාදර්ශය. අද රටට අවශ්‍යයවී ඇත්තේ මෙම දහම් සුවයෙන් මතුවන සාමුහිකත්වයයි. 

බුදුන් වහන්සේගේ පා පහස ලක්මවට තෙවරක් ලැබුණු බව බෞද්ධ ඉතිහාසය අපට පවසයි. මෙයින් දෙවරක්ම විසම්මුතිය, ක්‍රෝධය, වෛරය ඉවත්කොට සාමය හා සම්මුතිය ස්ථාපිත කිරීම සඳහාම විය. මෙයින් පළමු වරට උන්වහන්සේ මෙරටට දැනට මහියංගන චෛත්‍යය පිහිටි තැනට දුරුතු මස පසළොස්වක පොහෝ දින වැඩම කොට මහවැලි ගඟ අසබඩ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක්ව සංග්‍රාමයට සුදානම්වූ යක්ෂ ගෝත්‍රිකයින්ව පලවා හැර, ඇති වෙන්නට ගිය මහා විනාශයක් උන් වහන්සේ වලක්වා ලු බව සඳහන්වේ.

බක් මස පසළොස්වක්දා දෙවෙනි වරට ලක් බිමට බුදුන් වහන්සේ වැඩියේ චුලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා ඇති වෙන්නට ගිය මහා යුද්දයක් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුහස්ද පැහැදිලිකොට සාමය හා සම්මුතිය ඇතිකරවීම පිණිස බවද සඳහන් වේ.

මෙම උසස් හා අලංකාර පුර්වාදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද? බෞද්ධයින් ලෙසින් අපට මෙම ඉගැන්වීම් වලට පටහැනිව හා අපහාසයක් වන ලෙසින් කටයුතු කල හැකිද? කාගේ හෝ බළල් අතක් වීම ද භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්නේ? කරුණාකර මොහොතක් සිතා බලන්න.

මෙම කරුණු ඉදිරිපත් කරමින් ‘අල්ලාහ් මහා කුමන්ත්‍රණ කරුවාය’ යන අපහාසාත්මක චෝදනාව වෙත යොමු වෙමු. කුර්ආනයේ මුල් පිටපත ඇත්තේ අරාබි බසිනි. කුර්ආනය ලෙස අප හඳුන් වන්නේ එයටයි. අනෙකුත් බසින් ඇත්තේ පරිවර්තන පමණි. මෙම පරිවර්තන කිහිපයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. 

Sahih International: And [remember, O Muhammad], when those who disbelieved plotted against you to restrain you or kill you or evict you [from Makkah]. But they plan, and Allah plans. And Allah is the best of planners.

Mufthi Taqi Usmani: And (recall) when the disbelievers were conspiring against you to hold you as a captive, or to kill you, or to expel you. They were planning, and Allah was planning, and Allah is the best planner.

Yusuf Ali: Remember how the Unbelievers plotted against thee, to keep thee in bonds, or slay thee, or get thee out (of thy home). They plot and plan, and Allah too plans; but the best of planners is Allah.

Mohammed Asad: AND [remember, O Prophet,] how those who were bent on denying the truth were scheming against thee, in order to restrain thee [from preaching], or to slay thee, or to drive thee away: thus have they [always] schemed: but God brought their scheming to naught – for God is above all schemers.
Shakir: And when those who disbelieved devised plans against you that they might confine you or slay you or drive you away; and they devised plans and Allah too had arranged a plan; and Allah is the best of planners.

Muhammad Sarwar: The unbelievers planned to imprison murder or expel you (Muhammad) from your city. They make evil plans but God too plans and God’s plans are the best.

Mohsin Khan: And (remember) when the disbelievers plotted against you (O Muhammad SAW) to imprison you, or to kill you, or to get you out (from your home, i.e. Makkah); they were plotting and Allah too was planning, and Allah is the Best of the planners.

ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ (ACJU) සිංහල පරිවර්තනය: “(නබිවරය)” ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවූ). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” (අල් කුරාන් 8:30)

මෙම වැකිය නිවැරදි ව අවබෝධ කරගැනීම සඳහා ලබා දී ඇති පාද සටහන් වෙතද අවධානය යොමු කරමු.

‘මෙයින් පෙන්නුම් කරනුයේ මක්කා වාසී ප්‍රතික්ෂේපයින්ගේ එක් සභාවක් පිළිබඳව ය. එම සභාවෙහි සිටි ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන් දේශාන්ත්‍රණය කිරීමෙන් හා එතුමාගේ පණිවිඩය වැඩි දුර ප්‍රචාරය කිරීමෙන් වැළක්වීමට සාකච්ඡා කළෝය. ඔවුන්ගෙන් ඇතැමුන් නබි මුහම්මද් තුමාව අත්අඩංගුවට ගෙන මරණය තෙක් නිවසක රඳවා තැබිය යුතු යැයි ඉදිරිපත් කළහ. තවත් සමහරුන් එතුමාව උපන් නගරයෙන් පිටුවහල් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළහ. නමුත් මෙම යෝජනා දෙක එම සභාවේ බහුතරය මගින් ප්‍රතික්ෂේප කරන ලදී. අවසානයේ දී විවිධ ගෝත්‍රයන්ගෙන් සැදුණු තරුණ කණ්ඩායමක් තෝරාගෙන ඔවුන් එතුමාව ඝාතනය කළයුතු යැයි තීන්දු විය. ඒ සඳහා සියළු කටයුතු සුදානම් කරන ලදී. එම තරුණ කණ්ඩායම ඔවුන්ගේ එම අයහපත් කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට එතුමාගේ නිවාස වට කළෝය. නමුත් අල්ලාහ්, නබි මුහම්මද් තුමාව විශ්මිත අයුරින් ආරක්ෂා කර කිසිදු හානියකින් තොරව එතුමාගේ නිවසින් පිට කිරීම මගින් ඔවුන්ගේ කුමන්ත්‍රණය නිෂ්ප්‍රභ කළේය. එවිට එතුමාට මක්කාවේ සිට මදීනාවට දෙශාන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුනේය’.

ඥානසාර හාමුදුරුවන් පවසන පරිදි ‘කුමන්ත්‍රණකරුවා’ යන්නට ඉංග්‍රීසි බසින් වඩාත්ම සුදුසු පරිවර්තනය ‘CONSPIRATOR’ යන්නයි. ඉහත ඉංග්‍රීසි පරිවර්තන කිසිවක මෙම වචනය යොදා තිබේ ද? කොහෙත්ම නැත. අරාබි භාෂාවේ ප්‍රවීණත්වයක් ලද ඇතැම් ප්‍රාචීන විද්වතුන් හා මුස්ලිම් නොවන ඉංග්‍රීසි ජාතිකයින් ද කුර්ආනය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත. ඒවා වෙතද අවධානය යොමු කරමු.

John Arberry: And they devised, and God devised, and God is the best of devisers. Quran 3:54

George Sale: And the Jews devised a stratagem against him; but God devised a stratagem against them; and God is the best deviser of stratagems. Quran 3:54

John Rodwell: And the Jews plotted, and God plotted: But of those who plot is God the best. Quran 3:54 (John Medows Rodwell Translation)

NJ Dawood: They contrived, and God contrived; God is the supreme Contriver. Quran 3:54 N J Dawood (2014) Translation

ලොව ප්‍රකට ‘මෙරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය contriver යන පදයට සමානාර්ථ පදයන් ලෙස දී ඇත්තේ designer, developer, deviser, formulator, innovator, introducer, inventor, originator යන වදන්ය.

අරාබි භාෂාවේ ප්‍රවීණත්වයක් තිබු මුස්ලිම් නොවන ඉංග්‍රීසි ජාතිකයින් විසින් කරන ලද පරිවර්තන කිසිවක ‘කුමන්ත්‍රණකරුවා’ යන අරුත් ඇති conspirator යන පදය නොමැතිවීම ඥානසාර හාමුදුරුවන්ට ජීර්ණය කරගැනීමට ටිකක් අපහසු කාර්යයක් වෙනවා නොඅනුමානයි.

අප විසින් ඊළඟට කළ යුතුව ඇත්තේ එහි යොදා ඇති අරාබි වචනය පිළිබඳ ව විමර්ශනයක යෙදීමයි. මෙහි සාකච්ඡාවට බඳුන් වී ඇති පදයේ මුල් පදය වන්නේ مكر (makar) – මකර් යන්නය. එහි අර්ථය වෙත යොමු වෙමු. 

(makar) مكر – මකර් යන්නට අර්ථ දෙකක් දක්වා ඇත

“1. අනර්ථකාරී අරමුණින් කටයුත්තක් සැලසුම් කිරීම,

2. යහපත් අරමුණින් කටයුත්තක් සැලසුම් කිරීම.” (Glossary Of Islamic Terms: English–Arabic – By Anwer Mahmoud Zanaty page 131 – 132)

යහපත් දැයට එරෙහිව අල්ලාහ් සැලසුම් කරන්නේ නැත. මෙහිදී අප අවධානය යොමු කළ යුතු වැදගත් සාධකයක් නම් මුල් කෘතියේ අර්ථය සඳහා නිවැරදි පරිවර්තනයක් ලබා දීම පිණිස පරිවර්තකයින් පදගතාර්ථය වෙත පමණක් නොව සන්දර්භානුගත අර්ථය වෙතද අවධානය යොමු කරන බවයි. අල්ලාහ් සැලසුම් කරන්නේ අයහපත් හා අනර්ථකාරී දැයට එරෙහිවය. ‘මකර්’ යන අරාබි පදයෙන් අර්ථවත් වන්නේ යහ හෝ අයහ සැලසුමක් හෝ උපායයක් යන්නය.

අල්ලාහ් දඬුවම් කරන්නා යන අර්ථය අල් කුර්ආනයේ සඳහන් වී ඇත. මෙයින් අදහස් වන්නේ නැහැ මහා කාරුණික අල්ලාහ් සැමට නිකරුනේ දඬුවම් කරන බවක්. අල් කුර්ආනයේ එක් පරිච්ඡේදයක් හැරෙන්නට අනෙකුත් පරිච්ඡේද 113ම ආරම්භ වන්නේ ‘සැමට කරුනාභාරිත පරම කරුනාභාරිත අල්ලාහ්ගේ නාමයෙන්’ යනුවෙනුයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවා යන්නෙන් එක් පරිවර්තනයක සඳන් වී තිබුනත් එයින් සියල්ලටම එරෙහිව අල්ලාහ් කුමන්ත්‍රණය කරන්නෙක් යන්න කොහෙත්ම අදහස් නොවෙයි. අනර්ථකාරී කුමන්ත්‍රණ සිදු කරන්නන් ට එරෙහිව කුමන්ත්‍රණ කරන්නා යනුවෙන් ද අදහසක් එහි අන්තර්ගතය. මහා කාරුණික අල්ලාහ් ආවේණිකවම කුමන්ත්‍රණ සිදුකරන්නා යන අර්ථය මෙහි කොහෙත්ම අන්තර්ගත වී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත. මෙම අල් කුර්ආන් වැකියේ අල්ලාහ් පිළිබඳ නිවැරදි අර්ථයක් ලෙසින් ‘අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය. – Allah is the best of planners’ යනුවෙන් ඉහතින් උපුටා දක්වා ඇති පරිදි මුස්ලිම් හා මුස්ලිම් නොවන පරිවර්තකයින් විසින් සිදුකරන ලද පරිවර්තන සියල්ලෙහි පාහේ සඳහන් කොට ඇත. CorpusQuran එක ද මකර් යන්නට ලබා දී ඇති අර්ථය ‘සැලසුම් කිරීම’ යන්නය.
(http://corpus.quran.com/wordbyword.jsp?chapter=3&verse=54... )

ශ්‍රේෂ්ඨ ඉස්ලාමීය විද්වතෙක් වූ මව්ලානා මුහම්මද් ෂාෆි තුමා එතුමාගේ අල් කුර්ආන් විග්‍රහ ග්‍රන්ථයේ (Ma’arifulul-Qur’an) ද මෙම පදය පිළිබඳ ව අර්ථ දක්වා ඇත.
“ඊසා ධර්මදුතයාණන් (ජේසු තුමා) පිළිබඳ ව සඳහන් කිරීමේ දී අල්ලාහ් යුදෙව්වන්ගේ කූට උපාය ගැනත් ඒ පිළිබඳ ව අල්ලාහ්ගේ සැලසුම ගැනත් අල් කුර්ආනය සඳහන් කරයි. 
“ඔවුහු (ජේසුතුමාගේ සතුරන්) කූට උපාය සැලසුම් කළෝය. අල්ලාහ් ද සැලසුම් කළේය. අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” (අල් කුර්ආන් 3:54) 

මෙහිද යොදා ඇත්තේ මකර් යන පදයයි. මකර් යන අරාබි පදයෙන් අර්ථවත් වන්නේ සියුම් හා රහසිගත පියවරක් හෝ සැලසුමකි. එය යහපත් අරමුණින් ඉටු කරන්නක් නම් යහපත්ය. එය අනර්ථකාරී අරමුණින් උපයෝගී කරගත් විට එය අයහපත් ය.”  [Ma’arifulul-Qur’an By Maulana Muhammad Shaffi volume 2, page 76 – 77

වැඩි විස්තර සඳහා පහත සඳහන් වෙබ් අඩවි වෙත පිවිසෙන්න.
https://muslimallegationhunters.home.blog/…/is-allah-a…/
https://discover-the-truth.com/…/response-to-critics…/

එහෙයින් පරිවර්තකයෙකු අවබෝධ කරගත් අයුරු ඔහු විසින් උපයෝගී කරගත් වචනයක් මහා කාරුණික අල්ලාහ් පිළිබඳ ව වැරදි අයුරින් යොදා ගනිමින් අපහාසාත්මක අදහස් දැක්වීමෙන් වැළකෙන ලෙස ඥානසාර හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. මෙම පදයේ අර්ථය අවබෝධ කරගැනීම සඳහා ඉහතින් දක්වා ඇති විග්‍රහය ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

ඥානසාර හාමුදුරුවන් හෝ අන් අය විසින් කරන ලද තවත් ඉස්ලාම් විරෝධී විවේචන අප වෙත කරුණාකර ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා ලැබෙන පරිදි ඉදිරියේදී මහා කාරුණික දෙවිඳුන්ගේ උපකාරයෙන් පිළිතුරු සපයන්නට අදහස් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *