සති අග අරුණ පුවත්පත හා සහීහ් අල් බුහාරී හදීස් ග්‍රන්ථය

සති අග අරුණ පුවත්පත හා සහීහ් අල් බුහාරී හදීස් ග්‍රන්ථය 2019 අප්‍රියෙල් 28 වැනි ඉරු දින “සති අග අරුණ” පුවත් පතේ “ඉස්ලාම් ආගමේ භයානක ඉගැන්වීම් කරන්නේ ‘සාහි අල් බුකාරි පොතෙන් – සෑම පාසලකම පල්ලියකම කුරාණය ලඟට ඇත්තේ මේ පොතය’ යන මාතෘකාව යටතේ නුවන් ගන්කන්ද මහතා විසින් ලියා පළකොට තිබු ලිපිය පිළිබඳ විමසුමකි. නුවන් ගන්කන්ද මහතාගේ ලිපියෙන් ඉදිරිපත් කොට තිබූ ප්‍රධාන කරුණු කිහිපයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

  1. “අන්‍ය ආගමක් අදහන්නන්ගේ ආගමික විශ්වාස, ආගමික ඉගැන්වීම් හා ආගමික හැසිරීම
    පිළිබඳ ප්‍රශ්න කිරීම හා විවේචනය සදාචාරාත්මක නොවන බව අමුතුවෙන් කිව යුතු වේ. එහෙත් ඉකුත් පාස්කු ඉරිදා ඛේදවාචකය සමග මෙය අනිවාර්යයෙන් සිදු කළ යුතු කාර්යයක් බවට පත්ව තිබේ”
  2. “එසේම ශ්‍රී ලංකා මුස්ලිම් සමාජය ද තමන්ගේ ආගමික විශ්වාසය, ඉගැන්වීම් හා හැසිරීම්
    පිළිබඳ තමන් අතර සංවාදයක් ඇතිකරගෙන සැබෑ ප්‍රශ්නය තිබෙන්නේ කොතැනකදැයි අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත. ඉමාම් මොහම්මඩ් තව්හීදී පුජකවරයාගේ විග්‍රහයක් ඇසුරින් ඒ ස්වයං විවේචනය සඳහා මඟපෙන්වීමක් වේවා යන අදහසිනි” දහමක් විවේචනය කිරීම සදාචාරාත්මක නොවන බව නුවන් ගන්කන්ද මහතා පිළිගනී. නමුත් පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු එසේ කිරීමට දොරටුවක් එතුමා විසින් විවෘත කර ගැනීම පිළිබඳ අපගේ කිසිදු විරුද්ධත්වයක් ඇත්තේ නැත. නමුත් එසේ කළ යුත්තේ එම දහමේ මුලාශ්‍රයන් හි සඳහන් කරුණු පදනම් කර ගෙනය. ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍රය වන්නේ අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය ලෙස ඉස්ලාමිකයින් පිළිගන්නා අල් කුර්ආනයයි. දෙවැනි මුලාශ්‍රය වන්නේ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන, ක්‍රියා හා අනුමත කළ දෑ අඩංගු ‘සුන්නා’ නොහොත් ‘හදීස්’ නමින් හැඳින් වෙන දෑය. මෙම හදීස් නමින් හැඳින්වෙන කොටස සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, තිර්මිසි, නසායි, අබු දාවුඩ් ආදී නම්වලින් සඳහන් ග්‍රන්ථයන්හි අන්තර්ගතය. නුවන් ගන්කන්ද මහතා ඉස්ලාමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉමාම් මොහම්මඩ් තව්හිදී නමැති අයෙකු ඉදිරිපත් කොට ඇත.
    https://www.abc.net.au/news/2017-06-23/imam-tawhidi-the-problem-with-the-medias-favourite-muslim/8643726
    https://en.wikipedia.org/wiki/Mohamad_Tawhidi
    මෙම පුද්ගලයා පිළිබඳ බොහෝ විස්තර ඉහත වෙබ්අඩවි තුළින් ලබාගත හැක. ෂියා දහමේ
    අයෙකු වන ඔහු ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව ඉතා බරපතල අසත්‍යය තොරතුරු
    ඉදිරිපත් කොට ඇති අයෙකි. මෙම අසත්‍යය වාදියා වෙනුවට නුවන් ගන්කන්ද මහතා විසින් තමන් විසින් ම ඉස්ලාමයේ ඇති වැරදි පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු. ඉහත සඳහන් ඉමාම් තව්හිදී මගින් ඉස්ලාමය ප්‍රතිසංස්කරණය කිරීමට වෙර දැරීම දෙව්දත් තෙරණුවන්ගේ පිළිවෙත් අනුව බුදුන් වහන්සේගේම කාලයේ බුදුදහම ප්‍රතිසංස්කරණය කිරීමකට උත්සාහ කිරීමකට සමාන යැයි සඳහන් කළ යුතුව ඇත. කෙසේ නමුත් වැරදි තොරතුරු බොහොමයක් අඩංගු කොට සකස් කරන ලද ලිපියෙන් නුවන් ගන්කන්ද මහතා බරපතල ඉස්ලාම් භීතිකාවක් ගොඩනැඟීමට නම් ඉතා සක්‍රීය අයුරින් දායක වී ඇත. නුවන් ගන්කන්ද මහතාගේ තවත් අදහස් කිහිපයක් වෙත යොමු වෙමු.
  3. “එසේම ලංකාවේ උලමා සංවිධාන කීපයක් ම ඉස්ලාමය තුළ හිංසනයට හා ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවට කුරාණය උපුටා දක්වමින් මාධ්‍ය නිවේදන ගණනාවක් නිකුත් කර තිබුණේය. එයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකාවේ හේතුවාදී සංගමය කුරාණයේ තිබෙන හිංසනයට හා ත්‍රස්තවාදයට අනුබල දෙන අවස්ථා ගණනාවක් පෙන්වා දෙමින් ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවාද මම දුටුවෙමි. එයින් පෙනෙන්නේ අපි තවමත් කැරකෙන්නේ කුරාණය වටා බවය.” නුවන් ගන්කන්ද මහතා විසින් කුරාණයේ ඇති හිංසනය හා ත්‍රස්තවාදයට දිරි දෙන වැකි සෘජුවම ඉදිරිපත් කරන්නේ නම් ස්තුති වන්ත වන්නෙමු. කෙසේ නමුත් කුර්ආන් වැකි පිළිබඳ අර්ථ දැක්වීම පිළිබඳ ව ඇති මුලික අදහස් කිහිපයක් තවත් ලිපියක් මගින් ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නෙමු.
  4. “මිත්‍යා දෘෂ්ටිකයින්ගේ බෙලිකැපීමෙන් පාරාදීසයේ දිව්‍ය කන්‍යාවන් සමඟ යහන්ගත
    වෙන්න මඟ පෙන්වයි” නුවන් ගන්කන්ද මහත්මයාණෙනි, කරුණාකර මෙහි සම්පුර්ණ ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරන්න.
  5. “එම කෘතිය මේ වන විට පරිවර්තනය (සම්පුර්ණයෙන්) කර තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයින්ට පමණක් ආවේනික භාෂා කිහිපයකට පමණක් වීම එම භාෂා කියවිය හැකි
    අන්‍යාගමිකයකුට වුවද කෘතියේ සාහිත්‍යමය අරුත් වටහා ගැනීමට ඇති අපහසුව ඒ සඳහා
    ප්‍රධාන වශයෙන් බලපාන බව ඔහු පවසයි. ඉංග්‍රීසියට හෝ වෙනත් ප්‍රධාන භාෂාවකට එම
    කෘතිය පරිවර්තනය කර තිබෙන්නේ ඉතා කුඩා පොත් පිංචක් ලෙස බවද ඉමාම්වරයා පෙන්වා දේ” නුවන් ගන්කන්ද මහත්මයාණෙනි, මුස්ලිම්වරුන්ට පමණක් සීමාවූ භාෂාවක් ලොව ඇත්නම් කරුණාකර ගෙනහැර දක්වන්න. අරාබි කිතුනුවන් ලොව මිලියන ගණනක් ජීවත්වෙති. අරාබි භාෂාවෙන් ඇති සහිහ් අල් බුකාරි ග්‍රන්ථය ඔවුන්ට ඉතා පහසුවෙන් කියවා තේරුම් කර ගත හැකියි. මෙවන් හෝඩියේ තර්ක ඉදිරිපත් කරන මෙම පුද්ගලයාගේ අනෙකුත් මත ද මුසාවාදයන් පමණි. මෙම පුද්ගලයා පවසන අන්දමට සහිහ් බුකාරි ග්‍රන්ථය පොත් පිංචක් ලෙස නොව වෙළුම් නවයකින් යුක්තව ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇති අතර එහි සංක්ෂිප්ත ප්‍රකාශනයක් ලෙස එක් වෙළුමකින් ද මුද්‍රණය කොට ඇත. මෙවන් මුසාවාද වපුරන පුද්ගලයෙකුගේ මත පදනම් කර ගනිමින් ලිපියක් ඉදිරිපත් කරමින් මුස්ලිම් ප්‍රජාව පිළිබඳ අනිසි බියක් ඇති කිරීමට වෙර දැරීම පිළිබඳ අපගේ අප්‍රසාදය මෙයින් දන්වා සිටින්නෙමු.
  6. “සෞදි අරාබියේ සිට බොස්නියාව දක්වාත්, ආසියාව දෙසින් ඉන්දුනීසියාව දක්වාත් කඩුවේ
    ආධාරයෙන් ඉස්ලාමය ව්‍යාප්ත වුයේ මේ ඉගැන්වීම්වලින් බවත් ඔහු පෙන්වා දේ”
    මෙම බරපතල මුසාවාදය පිළිබඳ ව අ ඔබතුමාගේ දැනගැනීම පිණිස වේනම් ලිපියක් ඉදිරිපත් කොට ඇත්තෙමු. නුවන් ගන්කන්ද මහත්මයාණෙනි, ඉස්ලාමයට එරෙහිව බොහෝ කරුණු ඔබතුමාට ඉස්ලාම් විරෝධී වෙබ්අඩවි මගින් සොයා ගත හැක. කරුණාකර ඒවා එකට ගොනු කොට ඉදිරිපත් කරන්න. ඒවායෙහි සත්‍ය අසත්‍ය තාව පිළිබඳ ව නිවැරදි මුලාශ්‍ර සමග කරුණු ඉදිරිපත් කරන්නට පොරොන්දු වන්නෙමු. නමුත් මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය, පිළිකුල හා භීතිකාවක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.ඔබතුමා බෞද්ධයෙකු යැයි උපකල්පනය කරන්නෙමු. එනිසා බෞද්ධ ඉගැන්වීම් හි ඇති කරුණු කිහපයක් ද ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කරන්නෙමු. බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කොච්ජි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තේසං න සම්මති

අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය”
යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.
න හි වෙරෙන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති
එස ධම්මො සනන්තනො

අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.

කරණීය මෙත්ත සුත්‍රය: පිරිත් සජ්ජායනය
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භුතෙසු
මානසං භාවයෙ අපරිමානං

(අර්ථය: මවක් තම එකම දරුවා යම් සේ ආරක්ෂා කරයි ද ඒ ආකාරයෙන් ම සියළුම සත්ත්වයන්
කෙරෙහි සීමාරහිතව මෛත්‍රී සිත වැඩිය යුතුය)
මෙයට
මුහම්මද් දහලන් (ජංගම 0772398770)
ජාතික හැඳුනුම් පත් අංකය 462850816

Leave a Reply

Your email address will not be published. Required fields are marked *